රාගම, බටුවත්ත දුම්රියපොල ආසන්නයේදී බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අද(19) දහවල් කාලයේදී සපුගස්කන්ද ප්‍රදේශයේ පාසලක බාලදක්ෂයින් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.
බටුවත්ත මහා විද්‍යාලයේ පැවැති ජම්බෝරියකට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටියදී සපුගස්කන්ද ප්‍රදේශයේ පාසලක බාලදක්ෂයින් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ එම බස් රථයේ ළමුන් 20ක් සහ ගුරුවරුන් හා දෙමාපියන් සිට තිබෙනවා.
මෙම අනතුරින් තුවාල ලැබූ ළමුන් 9 දෙනෙක් හා තවත් තිදෙනෙක් රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.