රුපියල් කෝටි දහයක් වටිනා අති නවීනතම ජංගම දුරකථන තොගයක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කල ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් .
එම ජංගම දුරකථන මෙරටට රැගෙන ඒමට උත්සහ කර ඇත්තේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ නිසි අවසරයකින් තොරවයි .
අද උදෑසන කටුනායක ගුවන් තොටුපොලේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ පිට වී යාමට මෙම පුද්ගලයින් උත්සහ කර තිබෙනවා.
ඔවුන් දෙදෙනාම කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා
එක් අයෙකු 24 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර අනෙකා 32 හැවිරිදි කර්මාන්තශාලාවක සුපරීක්ෂකවරයෙකු ලෙස සේවය කරනු ලබන පුද්ගලයෙක් .
ඔවුන් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණ තිබුණා.
අදාළ පුදගලයින් විසින් රැගෙන ආ ගමන් මලු 03 ක් තුළ සගවා අති නවීනතම ජංගම දුරකථන 955 ක් මෙරටට රැගෙන ඒමට උත්සහ කිරීමේදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.