ගුරුවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයේ දී අද (26) විරෝධතාවයක නිරතව තිබෙනවා.
ඒ සිය දරුවන් තමා සිටින පාසලටම ඇතුළත් කරගැනීමට පවතින වරප්‍රසාද අහිමි නොකරන ලෙස ඉල්ලමින්.
ඔවුන් මෙලෙස අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේ බිම වාඩි වී විරෝධතාවයේ නිරත වූයේ අධ්‍යාපන අමාතංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලමින්.
බලධාරීන් සමග සාකච්ඡාවක් අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටියත් ඊට අවස්ථාවක් නොලැබීම හේතුවෙන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි ගුරුවරුන් කියා සිටියේ.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ අතර මැදි පන්ති සඳහා තම දරුවන් තමා සිටින පාසලට ඇතුළත් කර ග ැනීමට පවතින වරප්‍රසාද මේ වසරේදී කප්පාදු කළහොත් යළි කිසිදු අවස්ථාවක එම වරප්‍රසාදය හිමි නොවනු ඇති බවයි.
කෙසේ වෙතත් අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා පවසන්නේ පුරප්පාඩු නොමැති පන්ති සඳහා කුමන හේතලුවක් නිසාවත් ළමුන් ඇතුළත් කර නොගන්නා බවයි.
කෙසේ වෙතත් පුරප්පාඩු සහිත අතර මැදි පන්ති සඳහා අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමෙන් පසුව සිසුන් ඇතුළත් කරගත හැකි බවද ඔහු කියා සිටියා.