මෙල්බර්න් නගරයේ ඇති වූ භූමිකම්පාවෙන් අනතුරුව පසු කම්පන අවදානම ගැන මෙල්බර්න් නගරයේ ජනතාවට අද උදෑසන අනතුරු අඟවා තිබෙනවා.
ඊයේ රාත්‍රී 11.40ට පමණ ද වයඹදිග සන්බරි උපනගරයේ කිලෝමීටර් 3ක් ගැඹුරට රිච්ටර් මාපක 3.8ක භූ කම්පනයක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙම භූ කම්පනය සන්බරි සිට ටස්මේනියාවේ හෝබාර්ට් දක්වා සහ ඇඩිලේඩ් හි එස් ආර් සි දක්වා ද දැනී ඇති බවයි වාර්තා වන්නේ.
අද උදෑසන වික්ටෝරියා ප්‍රාන්ත ගොඩනැගිලි කිහිපයකට සිදු වූ හානිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා හදිසි සේවා කැඳවීමට ද කටයුතු කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එරට හදිසි සේවාවන්, අවදානම් කළාපවල ජීවත්වන ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ පසු කම්පන තත්වයන්ට මුහුණදීමට සූදානමින් සිටින ලෙස යි .
උණුසුම් පුවත්
- සහන බෙදාහැරීමේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
- කැනේඩියානු මහ කොමසාරිස්වරිය අගමැතිනිය හමුවෙයි
- වතු සේවක පවුල් 24 කට නව නිවාස
- බීබීසීයට එරෙහිව වන්දි ඉල්ලා අමරිකානු ජනපති නඩු පවරයි
- ඉදිරි දිනවල කාලගුණය
- කදුකර ජනතාවට නිවාස 8000 ක් ඉදිකරන ලෙස ජනපතිගෙන් උපදෙස්
- හුරුළුවැව ජලාශ වාන් දමයි
- එළඹෙන වසරේ IPL ක්‍රීඩක වෙන්දේසිය අද













