පසුගිය 9 වනදා සිට 24 වැනිදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මදුරු මර්දන වැඩසටහනේදී මදුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත පරිශ්‍ර 30,000 කට වැඩි සංඛ්‍යාවක් හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
විශේෂ මදුරු මර්දන සතිය තුළ පරිශ්‍ර එක් ලක්ෂ 28,824 ක් පරික්ෂාවට ලක් කළ අතර මදුරුවන් බෝවිය හැකි ස්ථාන 31,145 ක් හඳුනා ගත් බවයි අමාත්‍යංශය සඳහන් කළේ.
මදුරු කීටයන් සහිත පරිශ්‍ර 6,777 ක් මෙහිදි හඳුනාගෙන ඇති අතර මදුරුවන් බෝවන පරිශ්‍ර පවත්වාගෙන ගිය 3,916 ක් සඳහා රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
එමෙන්ම තවත් පරිශ්‍ර 1,470 කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ද පියවර ගෙන ඇති බවයි සෞඛය අමාත්‍යංශ සඳහන් කළේ.
නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රිය වීමත් සමග ඉදිරි කාලයේදි තවදුරටත් ඩෙංගු ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමට හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අමාතංශය ජනතාවට දැනුම් දෙනවා.