සුඩනයේ හමුදා ගුවන් යානයක් කඩා වැටී ඇති බව විදසේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඊයේ මෙම ගුවන් අනතුර සිදුව ඇති බව වාර්තා වෙනවා.
අදාළ අනතුරින් එරට හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන් 20කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.
එම ගුවන් අනතුර සිදුව තිබුණේ සුඩනයේ උතුරු ඔම්ඩුර්මාන් හි වාඩි සෙයිඩ්නා හමුදා ගුවන්තොටුපළ අසල ජනවාස සහිත ප්‍රදේශයකටයි.
ගුවන් අනතුර බොහෝ විට තාක්ෂණික හේතූන් නිසා සිදු වූවක් බව එරට හමුදා ආරංචි මාර්ග පැවසුවා.