2025‑11‑15 දින සිට 2026‑06‑14 දින දක්වා කාලය තුළ ඩීසල් (0.05% M.S.) බැරල් 1,400,000+/-5% (නැව් තොග 05ක්) ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා .
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 2025‑11-15 දින සිට 2026‑06-14 දින දක්වා කාලය තුළ ඩීසල් (0.05% M.S.) බැරල් 1,400,000+/-5% (නැව් තොග 05ක්) ප්‍රසම්පාදනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කිරීම පිණිස එම සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇති බව සඳහන් .
ඒ සඳහා ලංසුකරුවන් 07 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර තිබෙන බව සඳහන් .
ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව එකී ප්‍රසම්පාදනය සිංගප්පූරුවේ M/s. Trafigura Pte. Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා .








