නොරොච්චෝලේ, නාවක්කාඩුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙවා.
බරපතළ තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
මරණකරු වයස අවුරුදු 38ක් සහ මරණකාරිය වයස අවුරුදු 35ක් බවත් ඔවුන් නාවක්කාඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලීසිය පවසනවා.
පුද්ගලික ආරවුලක් මත මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවටයි දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
වයස අවුරුදු 23 ක් වන නාවක්කාඩුව ප්‍රදේශයේ පදිංචි සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබනවා.










