Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලංකා කම්කරු කොංග්‍රසය සහ ඉන්දීය මහ කොමසාරිස් අතර සාකච්ඡාවක්

    ලංකා කම්කරු කොංග්‍රසය සහ ඉන්දීය මහ කොමසාරිස් අතර සාකච්ඡාවක්

    2025-08-03කියවීමට මිනිත්තු 2ක් ගතවේ.47 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයින් සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර විශේෂ සාකච්ඡාවක් නුවරඑළිය පෞද්ගලික හෝටලයකදී අද(03) පවත්වා තිබෙනවා.

    මෙම සාකච්ඡාවේදී කඳුකර ජනතාවට ඉඩම් අයිතිවාසිකම් සහ ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ ඉදිකරන නිවාස සඳහා ඉඩම් හිමිකම් ලබාගැනීම, ඉන්දීය රජයේ සහාය යටතේ වතුකරයේ පාසල්වල උගන්වන ගුරුවරුන් සඳහා අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘතිය (විද්‍යාවර්ධන) ලබාදීමෙන් විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත () යන ක්ෂේත්‍රවල ගුරුවරුන්ගේ දැනුම වැඩි කිරීමට සහාය ලබාදීම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා විසින් ඉන්දීය රජයට ස්තුති කළ අතර එම ව්‍යාපෘතිය දිගටම කරගෙන යන ලෙසටද මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියා.

    කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිවාසිකම් සම්බන්ධයෙන් සහ ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ ඉදිකරන නිවාස ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා කරන ඉල්ලීම සම්බන්ධයෙන් නිවාස ව්‍යාපෘති හැකි ඉක්මනින් නිම කිරීමට සහ අතිරේක සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට උත්සාහ කරන බව ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙම සාකච්ඡාවේදී පවසා තිබෙනවා.

    තවද ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ දික්ඔය ග්ලැන්ගන් මූලික රෝහල සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සැලැසුමක් ඇති බවත් වෛද්‍යවරුන් සඳහා නේවාසිකාගාරයක් ඉදිකිරීමට අදහස් කරන බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා පැවැසීය.

    ඉන්දීය රජයේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය හරහා ඉතා සුළු කඳුකර සිසුන් සංඛ්‍යාවක් ඇතුළත් කර ගන්නා බැවින් ඉදිරියේදී ඉන්දීය රජයේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය කඳුකර සිසුන්ට ලබාදීමට පියවර ගන්නා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයින් ඉන්දීය තානාපති කාර්යලෙයන් ඉල්ලීමක් කර තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන් කඳුකර කලාප යසඳහා නව ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමයක් කඩිනමින් දියත් කෙරෙන අතර මේ හරහා තවත් කඳුකර සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡා වී තිබෙනවා.

    මෙහිදී ඉන්දීය තානාපති සන්තෝෂ් ජා කියා සිටියේ ඉන්දියානු රජය කඳුකර කලාප යසඳහා ලබාදී ඇති ව්‍යාපෘති හැකි ඉකිමණින් නිම කිරීමට ඉන්දියාවට අවශ්‍ය බවයි.

    ඉන්දියාවේ අහමදාබාද්හි පැවැත්වීමට නියමිත පුහුණු වැඩමුළුවකට සහභාගිවීමට අලුතින් තේරී පත්වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් 20 දෙනෙකුට අවස්ථාව ලබාදෙන ලෙස ලංකා කම්කරු කොංග්‍රසයෙන් ඉල්ලීමක් සිදු කළ අතර ඒස ඳහා කඩිනමින් ප්‍රතිචාර දක්වන බව ඉන්දීය මහ කොමසාරිස්වරයා කියා සිටියා.

    මෙම සාකච්ඡාවට ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා, සභාපති සෙන්දිල් තොණ්ඩමන් මහතා, මුදල් ලේකම් මරුදපාණ්ඩි රාමේෂ්වරන් මහතා නියෝජ්‍ය සභාපති පෙරුමාල් රාජදුරෙයි මහතා, ලංකා කම්කරු කොංග්‍රසයේ පළාත් පාලන මණ්ඩල සභාපතිවරුන් සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් එක්ව සිටියා.

     

    පෙර පුව​තඋක් ගොවීන්ගෙ ප්‍රශ්න විසඳන්න ආණ්ඩුව මැදිහත් විය යුතුයි
    ඊළඟ පුව​ත අදත් සවසට තද වැසි

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group