මෙරට හෙද විදුහල්වල සිටින හෙද ආචාර්යවරුන් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඒ සඳහා බඳවා ගැනීම් කඩිනමින් සිදුකරන ලෙස විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
හෙද විදුහල් තුළ අනුමත හෙද ආචාර්යවරුන් ප්‍රමාණය 395ක් බවත්, මේ වන විට සිටින්නේ 220කට ආසන්න පිරිසක් බවත් තොරතුරු වාර්තා වනවා.
ඒ අනුව තවත් හෙද ආචාර්යවරුන් 175 දෙනෙකුගේ අවශ්‍යතාවයක් පවතින බවයි සඳහන් වන්නේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙද විදුහල්පතිවරුන්ගේ සංසඳයේ සාමාජිකයින් සමග පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.










