ජූනි 30 වනදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා .
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුනේ..
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙසේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි .
ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ජූනි 30වනදා පෙ.ව. 9.30ට කැඳවීමට නියමිතව තිබෙනවා .
මීට අදාළව ආණ්ඩුව විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ විවාදය එදින ප.ව 4.30 දක්වා පැවැත්වීමටත් මෙහි දී තීරණය කර ඇති බවයි වාර්තා වුනේ.
උණුසුම් පුවත්
- සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
- ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් රතු එළි !
- නුගේගොඩ මහා ජන හඬට සියල්ල සුදානම් – VIDEO –
- ජනපතිගෙන් රටම එකට අරමුණ ගැන පැහැදිලි කිරීමක් ! – VIDEO –
- පාසල් ළමුන් ගැන විශේෂ අනාවරණයක් ! – VIDEO –
- විදේශිකයින්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරන ගාස්තුවල සංශෝධනයක්
- කෝටි 4 කට අධික මත්ද්‍රව්‍ය සමග තිදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට
- මාලිමාවට සහය දුන් නිදහස් පක්ෂ සභිකයින්ගේ සාමාජිකත්වය අත්හිටුවයි













