කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ සවස පානදුර හොරේතුඩුව පාලම අසල සැකකටයුතු ලෙස සිටි පුද්ගලයකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී මෙම පුද්ගලයාගේ සාක්කුවේ දමා සිටි පෑනක් ආකාරයේ නිෂ්පාදනය කරන ලද ගිනිඅවියක් සොයාගෙන ඇති අතර ඒ සමග මෙම පුද්ගලයා කළුතර අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම විදේශ රටක නිෂ්පාදිත පෑනක් ආකාරයෙන් භාවිතා කළ හැකි ගිනිඅවිය සහ එම අවියට යොදන ජීව උණ්ඩ තුනක් එම අවිය බහාලන බහලුමක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ දිගින් අඟල් හතරහමාරක් පමණ වන මෙම ගිනිඅවිය විදේශ රටක නිෂ්පාදිත ක්‍රියාකාරී තත්ත්වයේ තිබෙන මනුෂ්‍ය ඝාතනයක් සඳහා ඉතා සූක්ෂම ලෙස භාවිත කළ හැකි ගිනිඅවියක් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 43 හැවිරිදි මොරටුව, මෝල්පේ ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර, ඔහුව අද (04) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.