මෝටර් රථ අමතර කොටස් උපාංග අතර සඟවා තිබූ විදෙස් මත්පැන් තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වලානේ පිහිටි මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.
නුගේගොඩ දෙල්කද ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් මෝටර් රථ අමතර කොටස් ආනයන කරන ව්‍යාපාරික මධ්‍යස්ථානයක මෝටර් රථ අමතර කොටස් උපාංග අතර සගවා තිබියදී මෙම විදේශීය මත්පැන් තොගය සොයාගෙන තිබෙනවා.
මෙහි වටිනාකම රුපියල් කෝටියක් පමණක් වෙන බවයි වාර්තා වෙන්නේ.
ලංකාවට ආනයනය කරනු ලබන මොටර් රථ අමතර කොටස් ගෙන්වනු ලබන පෙට්ටි තුළට විදේශීය මත්පැන් බෝතල් රිංගවා ඉතා සුක්ෂම ආකාරයෙන් මෙම ව්‍යාපාරික මධ්‍යස්ථානය වෙතගෙනවිත් ඇති බවට මෝටර් රථ අමතර කොටස් ගෙන්වු පෙට්ටි පරීක්ෂා කිරීම අනුව නිරීක්ෂණය වන අතර ඒ සම්බන්ධ විමර්ශණ ක්‍රියාත්මකයි.