මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් 88,050,000ක් වටිනා මැණික් ගල් 09ක් ලබාගෙන එහි වටිනාකම සඳහා රුපියල් 64,600,000ක් වටිනා අගරු චෙක්පත් ලබාදී මුදල් වංචා කිරීම හා විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද පැමිණිල්ලක් මත සිදු කරන ලද විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මුදල් වංචාවට සම්බන්ධ සැකකරු ඊයේ(30) දින කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක් වන සැකකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













