අනුරාධපුර රත්මලේ ප්‍රදේශයේදී හෑෂ් මත්ද්‍රව්‍ය සහ මත් පෙති සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අනුරාධපුර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනූව වැටලීම සිදුකෙරුණා.
එහිදී හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9යි මිලිග්‍රෑම් 290ක්, මත් කරල් දහසක්, ජංගම දුරකතන දෙකක් හා ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 8,500ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා.
ඔහු වයස අවුරුදු 23ක් වන මිහින්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.