ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මියගේ සහභාගීත්වය ඇතිව අද (16) පෙරවරුවේ කොළඹ දී පැවති Sri Lanka’s Road to Recovery : Debt and Governance විශේෂ සමුළුවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වුණා.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට පත් කරගැනීමේ අපේක්ෂාවක් තමන්ට ඇති බවයි.
2028 වන විට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය, ස්වශක්තියෙන් ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වන ආර්ථික වර්ධනයක් සහ ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කරගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.