දින දෙකක දේශසීමා සටන්වලින් පසුව, කාම්බෝජය තායිලන්තය සමග “වහාම” සටන් විරාමයක් ඉල්ලා තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපති චීයා කියෝ පැවසුවේ තම රට “කොන්දේසි විරහිතව” සටන් විරාමයක් ඉල්ලා සිටි බවත්, නොම් පෙන් “ආරවුලට සාමකාමී විසඳුමක්” අවශ්‍ය බවත්.කෙසේ වුවත් සටන් විරාම යෝජනාව සම්බන්ධයෙන් තායිලන්තය අදහස් දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කාම්බෝජයට මායිම්ව පිහිටි දිස්ත්‍රික්ක අටක මීට පෙර යුද නීතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.