නොරොච්චෝලේ 3වන ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු සඳහා අද (13) මධ්‍යම රාත්‍රියේ සිට නතර කෙරෙන බව විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ අනුව දින 25ක කාලයක් මෙම අලුත්වැඩියා කටයුතු සිදු කෙරෙන බවත්, ඒ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක ධාරිතාවයක් අහිමිවෙනු ඇති බවත් සඳහන්.
කෙසේවෙතත් ජනන යන්ත්‍ර 2ක් ක්‍රියාකාරී මට්ටමේ පැවතීම හේතුවෙන් විදුලිබල සැපයුමට කිසිඳු බාධාවක් ඇති නොවන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පවසනවා.
3වන ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කිරීමට නියමිතයි.