
බංග්ලාදේශයේ පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් පීඩාවට පත් පවුල්වලට එල්ල වී ඇති ආර්ථික බලපෑම ඉතා දැඩි වී ඇති බව අනාවරණය වී තිබෙනවා. ඒ අනුව පවුල් 10 කින් 9 කට ආසන්න සංඛ්‍යාවකට ප්‍රතිකාර වියදම් පියවා ගැනීමට ණය ගැනීමට සිදුව ඇති බවයි නවතම තක්සේරු වාර්තාවක් මගින් හෙළිදරව් වී ඇත්තේ. රජයේ රෝහල්වලින් නොමිලේ ප්‍රතිකාර ලබා දුන්නද, වසංගතය නිසා පවුල් මත පැටවී ඇති ආර්ථික බර රෝහල් ප්‍රතිකාර වියදම්වලට පමණක් සීමා වී නොමැති බවයි වාර්තා වෙන්නේ.
පසුගිය මැයි සහ ජූනි මාස අතර කාලය තුළ රජයේ වෛද්‍ය විද්‍යාල සහ දිස්ත්‍රික් රෝහල් 12 කින් ප්‍රතිකාර ලබාගත් සරම්ප රෝගයට ගොදුරු වූ පවුල් 2,746 ක් ඇසුරින් මෙම සමීක්ෂණය පවත්වා තිබුනා. එහි ප්‍රතිඵලවලට අනුව පවුල් 2, 442 ක්, එනම් 88.9% ක් ප්‍රතිකාර ආශ්‍ර ිත වියදම් පියවා ගැනීම සඳහා ණය ගැනීමට පෙළඹී තිබෙනවා.














