පොලිතීන් බෑග් හෙවත් සිලි සිලි බෑග් වෙනුවට ආදේශ කළ හැකි පරිසර හිතකාමී කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට පරිසර, කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එම අමාත්‍යාංශයට යෝජනාවක් සිදු කර තිබෙනවා.
භාණ්ඩ මිලදී ගැනීමේදී සිලි සිලි බෑග් සඳහා මිලක් අයකිරීමේ තීරණය පිළිබඳ අවධානය යොමු කරමින් එම අධීක්ෂණ කාරක සභාව අදාළ යෝජනාව සිදුකර ඇති බව සඳහන් වන්නේ.
මෙහිදී කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කර ඇත්තේ මෙම ක්‍රියාමාර්ගය හරහා පොලිතීන් භාවිතය අවම වීම සිදු වේද යන්න පිළිබඳ සොයාබැලිය යුතු බවයි.
එමෙන්ම එම බෑග් සඳහා ගෙවිය යුතු මුදල තීරණය කරනු ලැබුවේ කිනම් පාර්ශ්වයක් විසින් දැයි කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසා තිබෙනවා.
එහිදී නිලදාරීන් පෙන්වා දී ඇත්තේ සිලි සිලි බෑග් සඳහා මුදල් ගෙවිය යුතු යැයි ගැසට් නිවේදනයේ සඳහන් වී නොමැති බව යි.
උණුසුම් පුවත්
- T56 ගිනිඅවියක් සොයා ගැනේ
- අමෙරිකාවේ බසයක සමූහ වෙඩි තැබීමක්
- ජින්තුපිටියේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
- පස් කන්දක් කඩාවැටී තිදෙනෙකු මියයයි
- අවම උෂ්ණත්වය නුවරඑළියෙන්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද සවස් කාලයේදී වැසි
- කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්
- සමනළ ස්වභාවික රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් පෙරූ අයෙක් අත්අඩංගුවට













