
ආනයනික කීරි පොන්නි සහල් අලෙවි කළ ගාල්ල, අක්මීමන ප්‍රදේශයේ වෙළෙඳසැලකට දඩයක් නියම කර තිබෙනවා.
ඒ රජය විසින් නියම කර තිබූ රුපියල් 255ක උපරිම සිල්ලර මිල ඉක්මවා රුපියල් 270කට අලෙවි කිරීම සම්බන්ධයෙන්.
එම සමාගමට එරෙහිව ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 500,000ක දඩ මුදලක් නියම කර තිබෙන බවයි වාර්තා වන්නේ.














