පුපුරණ ද්‍රව්‍යභාවිතයෙන්, තහනම් ධීවර දැල් භාවිතයෙන් සහ නීති විරෝධී පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු කළ පුද්ගලයන් 19 දෙනෙකු යාත්‍රා් 12ක්ද සමගින් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව කියා සිටියේ පෙබරවාරි මස 16 වනදා සිට 28 වනදා දක්වා කාලය තුළ දේශීය ජල තීරය අවාරණය වන පරිදි සිදු කරන ලද මෙහෙයුම් මගින් මෙම පිරිස සහ යාත්‍රා සිය භාරයට ගෙන ඇති බවයි.
එහිදී සැකකරුවන් 19 දෙනාට අමතරව ඩිංගි යාත්‍රා 2ක්, කැනොයි යාත්‍රා් 03ක් සහ ඔරු හතක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නැගෙනහිර සහ උතුරු මැද නාවික විධාන විසින් ත්‍රීකුණාමලය, කදිරවේලි, කොඩ්බේ, කෝකිලායි, මුතුර්, නෝර්වේ දූපත සහ මන්නාරම තාල්පාඩු, ඉරණතිව් දකුණු වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආවරණය පරිදි මෙම මෙහෙයුම් සිදුකර තිබෙනවා.
නාවික හමුදා භාරයට ගැනුණු සැකකරුවන්, වානිජ පුපුරණ ද්‍රව්‍ය, තහනම් ධීවර ආම්පන්න සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පුල්මුඩේ පොලිස් විහේෂ කාර්ය බලකාය, වාලච්චෙනයි, කොඩ්බේ, මුතුර්, කින්නියා සහ මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාල සහ මුලන්කාවිල් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.














