දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු අටෙන් දෙකක් අඩි දෙක බැගින් විවෘත කර තිබෙනවා.
පවතින අධික වැසි සහිත තත්ත්වයත් සමග අද(08) පස්වරුවේ මෙලෙස වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.
විවෘත කරන ලද වාන් දොරටු දෙකෙන් තත්පරයට ඝන අඩි 2800ක ජල ධාරිතාවක් දැදුරු ඔය වෙත මුදාහරින බවයි වාර්තා වන්නේ.
මෙම නිසා දැදුරුඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශයන්හි ඔය භාවිත කරනු ලබන්නන් සැලකිලිමත් වන ලෙසටද දන්වා තිබෙනවා.













