දුම්රියක් පීලිපැනීමට ලකම්ම නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කටයුතු සඳහා බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.
කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ බලවේග කට්ටල දුම්රියක් රඹුක්කන දුම්රිය ස්ථානයේදී මෙලෙස පීලි පැන ඇති බවයි වාර්තා වන්නේ.
එම නිසා දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර බස් රථ යොදවා මගීන් ප්‍රවාහනය කිරීමේ කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ වන විට පීලිපැන ඇති දුම්රිය පීලිගත කිරීම ආරම්භ කර තිබෙනවා.
එහෙත් දුම්රිය පීලිගත කිරීමට තවත් වේලාවක් ගතවන බවයි වාර්තා වන්නේ.