විපක්ෂයේ පක්ෂ එක්ව එළඹෙන 21 වනදා නුගේගොඩදී පවත්වන රැලියට සදහා හිටපු ජනාධිපතිවරුන් කිසිවෙක් සහභාගී නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.
ඔවුන්ව ඉදිරියේදී පැවැත්වෙන රැලිවලට සහභාගී කරවාගැනීමට සංවිධායක මණ්ඩලයට තීරණය කර ඇති බවයි ඒ මහතා සදහන් කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.











