අපේක්ෂිත වාර්ෂික පොල් අස්වැන්න අඩු වී ඇති බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා.
එහි සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා කියා සිටියේ වාර්ෂික පොල් අස්වැන්න පොල් ගෙඩි මිලියන 3000ක් වුවත් මෙවර එම ප්‍රමාණය ගෙඩි මිලියන 246කින් අඩුව ඇති බවයි.
මෙරට අක්කර ලක්ෂ 11ක පමණ පොල් වගාව සිදු කර ඇති බවත් මෙරට පොල් ත්‍රීකාණය ලෙස හැඳින්වෙන කුරුණෑගල පුත්තලම සහ ගම්පහ දිස්ත්‍රික්ක ආශ්‍රීතව බහුලව පොලිස් වගාව සිදුවන බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
එසේම පොල් ගස් කැපීම නීතියෙන් තහනම් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
සභාපතිවරයා මේ බව කියා සිටියේ පොල් දෙසතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.