නුවරඑළිය නගරයේ පික්මී සේවාවක් අවශ්‍ය නොවන බව පවසමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කුලී රථ හිමියන්ගේ සම්මේලනයේ සාමාජිකයන් එක්ව අද(26) දින උද්ඝෝෂනයක නිරත වී තිබෙනවා.
නුවරඑළිය තැපැල් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතව සිටි එම සංගම්වල සාමාජිකයන් කියා සිටියේ පිටතින් පැමිණෙන පික්මී ආයතනයට සම්බන්ධ වාහන රියදුරන් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයේ නිරත පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් තම ජීව උපායට ද ගැටලු රැසක් මතු කරමින් සංචාරකයන් ප්‍රවාහනය කිරීමේ කටයුතුවල නිරතව සිටින බවයි.
මෙම උද්ඝෝෂණයට හැටන්, තලවකැලේ, කඳපොල, රාගල, වලපනේ, නුවරඑළිය, කොත්මලේ යන ප්‍රදේශවල කුලී රථ රියදුරන් විශාල පිරිසක් පැමිණ සිටි අතර උද්ඝෝසකයන් ජනාධිපතිවරයා වෙත භාරදීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාර තෙන්නකෝන් මහත්මිය වෙත සංදේශයක්ද භාරදෙනු ලැබුවා.
පික් මී වාහන රියදුරන් ඉතා අඩු මුදලකට සංචාරකයන් ප්‍රවාහනය කළද තමන්ට එම මුදලට සංචාරකයන් ප්‍රවාහනය කිරීමට නොහැකි වීම හමුවේ තමන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවද ඔවුන් කියා සිටියා.
කඳු බෑවුම් සහිත ප්‍රදේශවල ත්‍රීරෝද රථ සහ වෑන් රථවලින් සංචාරකයන් ප්‍රවාහනය කිරීමේදී වැඩි ඉන්ධන ප්‍රමාණයක් දහනය වන බවත්, පිට පළාත්වලින් නුවරඑළියට තවත් කුලී රථ ගමනක් පැමිණ සැඟව සිට පික් මී ඇනවුමක් යැයි පවසමින් නුවරඑළියට පැමිණෙන සංචාරකයින් ඔවුන් ප්‍රවාහනය කරන බවද උද්ඝෝෂකයන් කියා සිටියා.
තවද පික් මී වාහනකරුවන් කොළඹ සිට නුවරඑළියට පමණක් සංචාරකයන් රැගෙන ඒමට තමන් විරුද්ධ නොවන බවයි.
එසේ පැමිණි එම පික් මී වාහන ආපසු කොළඹ යාමට නුවරඑළියෙන් පුද්ගලයන් මුදලට රැගෙන යන බවද උද්ඝෝකයන් කියා සිටියා.













