යුක්‍රේන – රුසියා යුද ගැටුම් විසඳීම සඳහා රුසියාව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට කොන්දේසි විරහිතව සහාය දීමට තම රට සූදානම් බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් උතුරු කොරියාවේ තෙදින සංචාරයක නිතර වී සිටිනවා.
එහිදී දෙරට අතර සාකච්ඡා පවත්වා ඇති අතර සාකච්ඡා අතරතුර උතුරු කොරියානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇති බවයි සදහන් වන්නේ.
එමෙන්ම යුක්‍රේනයට එරෙහිව රුසියානු යුද්ධය සඳහා ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා රුසියාවට මිලිටරි සහායක් ලබා දෙන බවද උතුරු කොරියානු ජනාධිපතිවරයා මෙහිදි පවසා තිබෙනවා.
මේ අතර රුසියානු විදේශ අමාත්‍යවයරයා සහ කිම් ජොන් උන් අතර හමුවේදී යුක්‍රේන සහ රුසියානු යුද්ධය සඳහා උතුරු කොරියාව විසින් රුසියාවට යොමු කරන ලද හමුදා භටයින්ට රුසියාව ස්තූතිය පුද කළ බවයි මෙම හමුව අනතුරුව රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ