රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද ඉන්දියාවට පැමිණීමට නියමිතයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ 23 වන ඉන්දියානු-රුසියානු වාර්ෂික සමුළුව වෙනුවෙන් රුසියානු ජනාධිපතිවරයා මෙලෙස ඉන්දියාවට පැමිණෙනු ඇති බවයි.
දෙදින සංචාරය අතරතුර ජනාධිපති පුටින් හෙට දිනයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග සාකච්ඡා සිදු කිරීමටද නියමිතයි.
නායකයින් දෙදෙනාම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් සහ කලාපීය මෙන්ම ගෝලීය කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය පවසනවා.
එහිදී දෙපාර්ශ්වය විසින් වෙළඳාම, ආර්ථිකය, සෞඛ්‍ය සේවා, සංස්කෘතිය සහ මාධ්‍ය යන ක්ෂේත්‍ර ඇතුළු ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමට ද නියමිත බව සදහන්.
අමෙරිකානු විරෝධය හමුවේ රුසියානු ඛනිජ තෙල් මිලදී ගැනීම් සිදුකිරීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු වනු ඇති බවටයි ඉන්දියානු මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.










