සමාජ මාද්‍ය ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තෝරා ගත් ආබාධිත, විශේෂ අවශ්‍යතා සහිත, දෘශ්‍යාබාධිත, ශ්‍රවණ ආබාධිත, කථන ආබාධිත 650 දෙනෙක් ඔවුන් පදිංචි ප්‍රදේශවල සිටම නොමිලේ ශ්‍රී පාද ස්ථානය කරුණා කර ආපසු ඔවුන්ව නිවෙස්වලටම ගෙන ගොස් හැරලීමේ පින්කමක් ජනවාරි 01 දින සිදුකර තිබෙනවා.
හෝමාගම ප්‍රදේශයේ පදිංචි සනත් අත්තිඩිය නමැති ඉංග්‍රීසි බාහිර පන්ති පවත්වන ගුරුවරයකු විසින් මෙම පින්කම සෑම වරසකම පවත්වන අතර මෙවර ඔහු 09 වෙනි වතාවටත් මෙය සිදුකර තිබෙනවා.
දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම තෝරා ගත් එම ආබාධිත පිරිස් බස් රථ 14කින් නල්ලතන්නිය වෙත රැගෙනවිත් එම පිරිස තවත් පුද්ගලයින් රැසකගේ සහයෝගය මත ශ්‍රීපාදස්ථානය වන්දවා ආපසු එම පිරිස් නිවෙස්වලට හැරලූ බවයි මෙම පින්කම සංවිධානය කළ සනත් අත්තිඩිය මහතා කියා සිටියේ.
මෙම පිරිසට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම්, ආහාරපාන නොමිලේ ලබාදී ඇති අතර ශ්‍රී පාදය කරුණාකරවූ ඇතැම් වන්දනාකරුවන්ට ශ්‍රී පාදය කරුණා කිරීමට සහ ආපසු නල්ලතන්නිය වෙත ඒමට සාමාන්‍ය වන්දනාකරුවෙකුට ගතවන කාලයට වඩා වැඩි කාලයක් ගත වූ බවත් එය පැය 20-24ක කාලයක් ගත් බවයි අත්තිඩිය මහතා වැඩිදුරටත් කියා සිටියේ.
ඇතැම් පුද්ගලයින්ව ශ්‍රී පාද උඩමළුව දක්වා ඔසවාගෙන යාමට සිදු වූ බවත් ඒ සඳහා තමන්ගෙන් අධ්‍යාපනය ලැබූ ආදි සිසුන්ගෙන්, වර්තමාන සිසුන්ගෙන් සහ මෙම පින්කමට වසර කිහිපයක් තිස්සේ සහයෝගය දක්වන ඇල්පිටිය හිපංකන්ද සමාධි පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා 60 නමක් ඇතුළු දහසක් පමණ දෙනාගේ පූර්ණ සහයෝගය ලැබී තිබෙනවා.












