අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 28ක් ජුනි 12 වැනිදා සිට විසින් බන්ධනාගාර ආශ්‍රීතව සිදු කරනු ලබන විමර්ශනයන් අඛණ්ඩව සිදු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.
පොලිසිය කියා සිටියේ බන්ධනාගාරවල ඇති ලේඛන පරීක්ෂාව කෙරෙහි එහිදී විශේෂ අවධානයක් යොමු කරන බවත් එවැනි පරීක්ෂා කිරීම් අවසන් කිරීමට ඊයේ දිනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අද දිනයේත් ඊට අදාළ විමර්ශන සිදු කෙරෙන බවයි.
එලෙස දිවයින පුරා ඇති බන්ධනාගාර විශේෂ විමර්ශනයකට ලක් කෙරෙන්නේ ජනාධිපති සමාව අවභාවිත කර රැඳවියන් නිදහස් කර ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයන්ට අදාළවයි.
පසුගිය වෙසක් පොහෝ දිනයේදී ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට අනුමැතිය නොලැබූ රැඳවියෙකු අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා සහ බන්ධනාගාර කොමසාරිවරයා යන දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.