අයර්ලන්ත කණ්ඩායම සමග පැවති තුන්වෙනි එක්දින ක්රිකට් තරගයෙන් ලකුණු 5ක ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවි ලකුණු 274ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 269ක් පමණයි.