පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැනීම් කළ සැකකරුවන් පස් දෙනෙක් දමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දමන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ(30) සවස ලද තොරතුරක් මත හිඟුරාන ප්‍රදේශයේ වැටලීමක් සිදුකර පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැනීම් කරමින් සිටි සැකකරුවන් පස් දෙනෙකු පූජා භාණ්ඩ හා කැණීම් උපකරණ ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 20ත් 71ත් අතර වයස්වල පසුවන අම්පාර, මිනුවන්ගොඩ, පූගොඩ හා කොටදෙනියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් දමන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













