බන්ධනාගාර ජේලර්වරයෙක් කළුතර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙකුට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකතන ලබාදීම සඳහා කාන්තාවකට අනුබල ලබාදීමේ චෝදනාව යටතේයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි ජේලර්වරයෙකු බවයි පොලිසිය පවසන්නේ.
කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුට අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින් සහ ජංගම දුරකතනයක් ලබාදීම සඳහා සූදානම්ව සිටියදී පසුගිය දිනක පානදුර හිරණ ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ කාන්තාවගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ අදාළ සැකකාර ජේලර්වරයා රුපියල් 35,000ක මුදලක් ලබාගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගැනුණු සැකකාර ජේලර්වරයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.