ටී-56 වර්ගයේ පතරොම් 20ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කිය සිටියේ රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත ඊයේ(07) පැල්මඩුල්ල, පාතකඩ ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී ටී-56 වර්ගයේ ජීව පතරොම් 20ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 20ක් පමණ වන පාතකඩ, පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම සැකකරු දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවෙකුගෙන් අත්අඩංගුවට ගැනීමට පෙර මෙම පතරොම් තොගය ලබාගෙන ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.