
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් එළැඹෙන සතියේදි දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ හත්වන සමාලෝචනය පිළිබඳව මෙරට බලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහායි ඔවුන් දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ. ඒ අනුව එම නියෝජිතයින් පිරිස එළැඹෙන 10 වනදා දින සිට 23 වැනි දින දක්වා මෙරට රැඳී සිටීමටද නියමිත ව තිබෙනවා.













