නාවලපිටියේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථයක ගින්නක් හට ගෙන තිබෙනවා.
ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් රියදුරා විසින් පරික්ෂා කිරීමට යෑමේදි එක්වරම ගින්න හට ගෙන ඇති බව නාවලපිටිය පොලීසිය පැවසුවා.
ප්‍රදේශවාසීන් සහ ගිනිගත්හේන පොලිස් නිලධාරීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළ ද ගින්නෙන් ත්‍රීරෝද රථයට දැඩිව අලාභ හානි සිදු ව ඇති බවද වාර්තා වනවා.
ගින්න හට ගන්නා අවස්ථාවේ ත්‍රීරෝද රථයේ දෙදෙනෙකු ගමන් කර ඇති අතර ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නැහැ.