හිඟුරක්ගොඩ මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේ දී ගුවන් හමුදා ඩිෆෙන්ඩර් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවුණා.
මෙම අනතුරෙන් ඩිෆෙන්ඩර් රථයේ ගමන් කළ තුන්දෙනෙකු තුවාල ලබා හිඟුරක්ගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
බස් රථයේ ගමන් කළ කිසිවෙකුටත් අනතුරක් සිදුව නැහැ.
හිඟුරක්ගොඩ පොලිසිය අනතුර පිළිබඳ පරීක්ෂණ සිදුකරනවා.