විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන විෂය ක්ෂේත්‍රයේ සහයෝගීතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුමකට චීනයේ චෙන්ග්ඩු හිදී අත්සන් කර තිබෙනවා.
දෙරටේ විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේහි සහයෝගීතාව දිරි ගැන්වීම සහ ඒ සඳහා සහය ලබාදීම මෙන්ම මෙම ක්ෂේත්‍රයේ ගෝලීය අභියෝගයන්ට විසඳුම් සෙවීම මෙමගින් අපේක්ෂා කර ඇති අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ චීනය වෙනුවෙන් එරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය යින් හෙජුන් මෙම ගිවිසුමට අත්සන් කර තිබෙනවා.