සංචාරක ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19 පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය මේ වන විට රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලබාදුන්නා.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 138ක් ලබාගැනීමට සමත් වූවා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා වයස 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සංජනා කාවින්දි ලකුණු 24ක් ද රශ්මි නේත්‍රාංජලී ලකුණු 24ක්ද ලබාගැනීමට සමත් වූවා.
නෙතගි ඉසුරංජලී ලකුණු 21ක්ද නායිකා මනුදි නානායක්කාර ලකුණු 14ක්ද රශ්මිකා සෙව්වන්දි ලකුණු 12ක්ද සශිනි ගිම්හානි ලකුණු 10ක්ද ලබාගැනීමට සමත් වූණා.
සෙසු කිසිදු ක්‍රීඩිකාවක් ලකුණු 10 සීමා වෙත ළඟාවීමට සමත් වූවේ නෑ.
පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Ava Drury කඩුලු 3ක්ද Lucy Finn කඩුලු දෙකක්ද දවා ගැනීමට සමත් වූවා.
Shiloh Julien, Ayaka Kato-Stafford සහ Indira Panelli එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ඕස්ට්‍රේලියානු 19න් පහල කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදි ලකුණු 139ක් ලබාගත යුතු වනවා.
තරග පහකින් සමන්විත විස්සයි විස් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 25ක ජයග්‍රහණයක් අත්කර ගනු ලැබුවා.
එම තරගයේදී ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 133ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියානු 19 පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 108ක් පමණයි.