වන අලියෙකුගේ පහරදීම හේතුවෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බව තඹුත්තේගම පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ තඹුත්තේගම, මලියදේවපුර ප්‍රදේශයේ කුඹුරක සිටි පුද්ගලයෙකුට වන අලියෙකු ප හරදීම හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 48ක් පමණ වූ මලියදේවපුර, තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලිසිය කියා සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













