කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි පුද්ගලයන්ට පෙනහළු පිළිකා ඇතිවීමේ වර්ධනයක් පෙන්නුම් කරන අතර මෙරට පෙනහළු පිළිකා රෝගීන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව වැලිසර ජාතික ළය රෝහලේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා පවසා ඇත.
අගෝස්තු 01වනදාට යෙදී ඇති ලෝක පෙනහළු පිළිකා දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා මේ බව සඳහන් කරන ලදී.
“ලංකාවේ තියෙනවා පිළිකා සම්බන්ධයෙන් දත්ත වාර්තා කරන ලේඛනය. හැම අවුරුද්දෙම ඒකේ සටහන් වෙනවා පිළිකා සම්බන්ධයෙන් දත්තයන්. දත්ත පරිශීලනය කරාම පැහැදිලි වර්ධනයක් තියෙනවා මේ පෙනහළු පිළිකාවල ලංකාවේ ජනතාවගේ. විශේෂයෙන් පිරිමි පුද්ගලයින්ගේ පෙනහළු පිළිකා සම්බන්ධයෙන් වැඩිපුර සමීක්ෂණ වාර්තා තියෙන්නේ දුම්පානය කිරීම සම්බන්ධයෙන් තොරතුරු. නමුත් දත්ත පරීක්ෂා කිරීමේ දී දුම් නොබන කාන්තාවන්ගේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙනවා. අපිට ඒ පුද්ගලයින් රෝහල්වලට පැමිණේමේදී යම්කිසි ප්‍රමාදයක් තියෙනවා.” – ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා