බියගම, ගැමුණු මාවත ප්‍රදේශයේ කුලී පදනම මත නේවාසික කාමරයක සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව බියගම පොලිසිය පවසනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 30ක් පමණ වූ හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු කුලී පදනම මත බියගම පදිංචිව සිට ඇති අතර අතර ඔහුට අයත් ත්‍රීරෝද රථය නවාතැන් ගෙන සිටි කාමරය ඉදිරිපිට ගිනි ගැනීමට ලක්ව ඇති බව දැක කාමරයෙන් පිටතට පැමිණීමේදී මුහුනු ආවරණය කරගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී පලාගොස් ඇති බවට දැනට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
මෘත ශරීරය මුල්ලේරියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
මෙම ඝාතනය සිදු කළ සැකකරුවන් හෝ ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බියගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













