ලංගම හා පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කා සටහන් ක්‍රමය වහාම අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලංගම වෘත්තීය සමිති අද(27) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 සිට බස් රථ ධාවනයෙන් හා සේවයට වාර්තා කිරීමෙන් ඉවත්ව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට පිවිසීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
වෘත්තීය සමිති හතක් ඒකාබද්ධව මෙම වැඩවර්ජනය සිදු කිරීමට නියමිතයි.
එම වෘත්තීය සමිති වන්නේ සමගි සේවක සංගමය, පොදුජන ප්‍රවාහන සේවක සමිතිය, ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමය, ජාතික සේවක සංගමය, ලංකා ගමනාගමන සේවක සංගමය ඇතුළු හතක්.