Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට
    • ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ
    • නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්
    • නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පෙත්සම් ගොනුකිරීමේ කාලය අවසන්
    • නේපාලයේ ව්‍යාවසනයෙන් මියගිය ගණන 734ක් දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අද දවසේ කාලගුණික තත්ත්වය

    අද දවසේ කාලගුණික තත්ත්වය

    2025-06-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.84 නැරඹු​ම්
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය අද(01) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ අනාවැකි අංශය විසින් අද(01) උදෑසන නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියා.

    අදාළ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

    ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද සඳහන්.

    ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුරුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුවත් කර තිබෙනවා.

    ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා ද කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

    එහි දැක්වෙන්නේ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල දැනට පවතින රළ උස සහ තද සුළං තත්ත්වයේ අඩුවීමක් අද දිනයේ සවස් කාලයේ සිට බලාපොරොත්තු වන බවයි.

    වැසි තත්ත්වය

    පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

    දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    සුළඟ

    සුළං නිරිත දිශාවෙන් හමා එන අතර සුළං වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වේ.

    හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වා ඉහළ යා හැක.

    මුහුදේ ස්වභාවය

    හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2ක් 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පැවැතිය හැකි බව සඳහන්. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ)

    මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවන්ගෙන් ඉල්ලා සිටින බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

    පෙර පුව​තමධ්‍යම කඳුකරයට තවදුරටත් වැසි
    ඊළඟ පුව​ත ලාෆ්ස් ගෑස් වෙතින් දැනුම්දීමක්

    සබැ​ඳි පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්

    නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group