පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර 35 ත් 45ත් පමණ විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව සදහන් කළේ.
කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යා හැකියි.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 ක් 55 ක් පමණ දක්වා ඉහළ යා හැකි බවද එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් පවසනවා.
කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ අවධානමක් පවතිනවා.
මෙම මුහුදු ප්‍රදේශවල යාත්‍රාකරන ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව දැනුම් දී සිටින්නේ.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශත් විටින් විට රළු වීමේ අවධානමක්ද පවතිනවා.
උණුසුම් පුවත්
- සැප්තැම්බර්, අස්වැසුම ප්රතිලාභ දීමනාව අනිද්දා
- ශ්‍රේෂ්ඨාධිකරණය ඩිජිටල්කරණයට තීරණයක්
- නේපාලයේ බන්ධනාගාර දෙකක් විරෝධතාකරුවන් බිද දමයි
- ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් අත්හිටුවයි
- සම්පත් මනම්පේරිට අයත් මෝටර් රථයක් පොලිස් භාරයට
- කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
- ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
- කතානායකටත් විශ්වාසභංගයක්