ජාතික නිදහස් පෙරමුණ සහ දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය ප්‍රමුඛ ජාතික සංවිධාන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වා තිබෙනවා.
30 වසරක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදය පැරදවීමේ ජාතික ක්‍රියාන්විතයේ දී මව්බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සියලු රණවිරුවන් සිහිපත් කරමින්, ජාතික නිදහස් පෙරමුණ, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ඇතුලු ජාතික සංවිධාන ඊයේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව අසළ පිහිටි රණවිරු ස්මාරකයට සිය පුෂ්පෝපහාරය පුද කර තිබුනා.
මෙම අවස්ථාවට එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කියා සිටියේ රට තුල ඒකීයභාවය ඇති කිරීමට උර දුන් සියලු පාර්ශවයන්ට තම කෘතවේදීභාවය පල කරන බවයි.