Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    2026-07-24

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    2026-07-24

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්
    • EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්
    • දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්
    • වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි
    • කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය සේවා යළි ඇරඹෙයි
    • ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනමට යළිත් ජාත්‍යන්තරයේ අවදානය
    • බදුල්ල කඳු පන්තියක හදිසි ගින්නක්
    • පිල්ලයාන් නැවතත් රක්ෂිත බන්ධනාගාරට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “ස්වස්ථා”  දත්ත පද්ධතිය ස්ථාපිත කලේ වැරදි තොරතුරු වලින් ලත් අනුමැතියෙන්

    “ස්වස්ථා”  දත්ත පද්ධතිය ස්ථාපිත කලේ වැරදි තොරතුරු වලින් ලත් අනුමැතියෙන්

    2023-11-03කියවීමට මිනිත්තු 2ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය තුල “ස්වස්ථා”  දත්ත පද්ධතිය ස්ථාපිත කලේ පාර්ලිමේන්තුවේ “කෝප් ” කමිටුවට වැරදි තොරතුරු ඉදිරිපත් කර ලබා ගත්  අනුමැතියකින් බව වෛද්‍ය  හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය හෙලි කරනවා.

    කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වූ එම සන්ධානයේ සභාපති  වෛද්‍ය  චමල් සංජීව ප්‍රකාශ කලේ එම දත්ත පද්ධතියේ කර්යක්ෂමතාව පිලිබද ගැටලු පවතින බවයි.

    තොරතුරු නිවැරදි නොවිම නිසා රෝහල් අධ්‍යක්ෂකවරුන්ද දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව ඔහු  පෙන්වා දුන්නේ ය.මෙම  දත්ත පද්ධතිය පිළිබද වත්මන්  සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණගේ අවධානය යොමු විය යුතු බවද සභාපතිවරයා ප්‍රකාශ කළා.

    වෛද්‍ය සැපයුම් අංශයේ  දත්ත පද්ධතියට හිමිවන්නේ  සුවිශේෂී ස්ථානයක්.

    රෝහල් වල මෙන්ම වෛද්‍ය සැපයුම්  අංශය සතුව පවතින ඖෂධ,ශල්‍ය පාරිභෝගික ද්‍රව්‍ය සහ රසායනාගාර  අයිතම වල තොග තත්තවයන් හා බෙදා හැරීමේ අඩු වැඩි වීම් පිළිබද තොරතුරු ලබා ගන්නේ  ස්වස්ථා දත්ත පද්ධතියෙන්.

    මෙම දත්ත පද්ධතිය ස්ථාපිත කිරිමට පෙර ජුනි මාසය වන තුරු  වෛද්‍ය සැපයුම්  අංශයේ ක්‍රියාත්මක වුයේ  “MSMIS”  දත්ත පද්ධතියයි.

    එම පද්ධතිය විධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක වන  විට ප්‍රාථමික මට්ටමෙ පැවැති ස්වස්ථා දත්ත පද්ධතිය කිසිදු  අත්හදා බැලීමකින් තොරව වෛද්‍ය සැපයුම්  මෙහෙයුම් සදහා යොදා ගැණුනා.

    මේ වන විට වෛද්‍ය සැපයුම්  අංශය මෙන්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවද බරපතල ගැටලු රාශියකට මුහුණ දි සිටිනවා.

    එම ගැටලු වන්නේ,

    01 දිවයිනේ පවතින රෝහල්වල තොග තත්වයන් නිරික්ෂණය කිරීමට ඇති ගැටලු.

    02 එළඹෙන 2025 වර්ෂය සදහා ඇනවුම් සකස් කිරීමේදී ඇතිවිය හැකි ගැටලු.

    03 ගබඩා තුල තොග කළමනාකරණයේදි අත්‍යවශ්‍යම ලේඛණයන් වන ලෙජර් රිපෝට්   පවත්වා ගෙන යාමේ ගැටලුව .

    05 ගබඩා තුල පවතින තොග සහ පද්ධතියේ පවතින තොග තත්ත්ව අතර ඇති විය හැකි අසමානතා.

    05 2023 වර්ෂයේ අවසානයේ පවත්වනු ලබන   තොග ගණනයනිසි අයුරින් සිදු කර ගැනිම සදහා ඇති අපහසුතාවය.

    මෙම ගැටලු පිළිබදව සෞඛ්‍ය අමාත්‍යංශයේ සතිපතා පැවැත්වෙන රැස්වීම් වලදී පෙන්වා දුන්නද මෙතෙක් කිසිදු  විසදුමක් ලැබී නොමැත.ස්වස්ථා දත්ත පද්ධතිය ක්‍රියාත්මක කරන “ ලුන්ස් ලැබි”  නැමැති ආයතනයද පැලැස්තර විසදුම් ලබා දෙන බව වෛද්‍ය සැපයුම් අංශය පෙන්වා දෙනවා.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකගේ මුලිකත්වයෙන් ආරම්භ කර  ඇති ස්වස්ථා  දත්ත පද්ධතිය  සමග සෘජුවම සම්බන්ධව වැඩ කල ව්‍යාපෘති  අධ්‍යක්ෂකවරයෙකු සහ ව්‍යාපෘති කළමණාකරුවන් මේ වන විට ඉවත්ව ගොස් ඇත්තේ මෙම ගැටලු හේතුවෙන්.

    මෙම දත්ත පද්ධතිය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ  ඉහළ නිළධාරින් සෘජුව වග කිවයුතු වුවත් ඔවුන් අධික්ෂණයෙන් ඉවත් වෙමින් සිටින බවද නිලධාරින් පෙන්වා දෙනවා.

    ස්වස්ථා දත්ත පද්ධතියේ පවතින ගැටලු සදහා ඊට ප්‍රවේශවිමේ පහසුකම් නොමැති විම පිළිබද වෛද්‍ය සැපයුම් අංශයේ තොරතුරු තාක්ෂණ ඒකකය සැප්තැම්බර් මාසයේදි එහි අධ්‍යක්ෂකවරයාද ලිඛිතව දැනුවත් කර ඇත.මෙම දත්ත පද්ධතිය සදහා  අමාත්‍යංශය වැය කරන මුදල රුපියල්  මිලියන 700 ක්.

    පෙර පුව​තදිවුලපිටිය නගරයෙන් ආරම්භ කළ පාගමන නවත්තයි
    ඊළඟ පුව​ත පස්වරු 1න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි

    කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය සේවා යළි ඇරඹෙයි

    ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනමට යළිත් ජාත්‍යන්තරයේ අවදානය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    2026-07-24

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    2026-07-24

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    2026-07-24

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group