
පාකිස්තානයේ ස්වාත් මිටියාවතේ පොලිස් ස්ථානයක් පිටත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ එම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි.
ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යෑමට එරෙහිව විරෝධතාවක නිරත වූ ජනකායක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
පොලිස් ස්ථානයේ ප්‍රවේශය අසලදී මරාගෙන මැරෙන බෝම්බකරු පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ කිරීමත් සමඟ ඔහු මෙම පුපුරුවාගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.. මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා ඇති
බව සඳහන් . ආරක්ෂක අංශ විසින් එම ප්‍රදේශය අවට වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති අතර තුවාල ලැබූවන් ආසන්න රෝහලක් වෙත ඇතුළත් කර ඇති බවත් ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළා.














