2026 අයි.පී.එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට පැවත්වෙනවා .
ඒ අබුඩාබි හිදීයී.
මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී දේශීය සහ විදේශීය ක්‍රීඩකයින් 359 දෙනෙකු වෙනුවෙන් ලංසු තැබීමට නියමිතව තිබෙනවා .
තරගාවලියේ තුන් වතාවක් ශූරයන් වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම රුපියල් කෝටි 64.30 ක මුදලක් සමඟ මෙවර ක්‍රීඩක වෙන්දේසියට පිවිසෙනවා.
එමෙන්ම පස් වතාවක් ශූරයන් වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර ක්‍රීඩක වෙන්දේසියට පිවිසෙන්නේ රුපියල් කෝටි 43.40ක මුදලක් සමඟයි.
මීට අමතරව සන්රයිසස් හයිද්‍රාබාද්, දිල්ලි කැපිටල්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම රුපියල් කෝටි 20 කට වඩා වැඩි මුදලක් වෙන්දේසිය වෙනුවෙන් වියදම් කරනු ඇති.
පස් වතාවක් ශූරයන් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සතුව ඇත්තේ රුපියල් කෝටි 2.75ක් පමණයි.
මෙවර වෙන්දේසියට ඉදිරිපත් කරන ක්‍රීඩකයින්ට හිමිව ඇති උපරිම මූලික මිල රුපියල් කෝටි 02 ක් වන අතර, හිමිව ඇති අවම මූලික මිල රුපියල් ලක්ෂ 40 ක්.
මේ අතර මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 12 දෙනෙකු ඉදිරිපත් කර තිබෙනවා.
මෙහිදී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ලක්නව් සුපර් ජයන්ස්ට් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.
ඒ ඉන්දීය රුපියල් කෝටි 2ක මුදලකටයි.
එමෙන්ම ඉන්දීය රුපියල් කෝටි 18ක වාර්තාගත මුදලකට මතීශ පතිරණව මෙහිදී අලෙවි වුණා .
ඔහුව මිලදී ගනු ලැබුවේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් .
මේ අතර ඉන්දීය රුපියල් කෝටි දෙකක මුලික මුදලකට මෙවර වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු මහීෂ් තීක්ෂණ පළමු වටයේදී මිලදී ගැනීමට කිසිවෙකු ඉදිරිපත් වූයේ නැහැ .










